ආයතන ඉතිහාසය

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154උප වයන්තිය යටතේ 9 වන උප ලේඛනයේ 8 වන වගන්තියේ පළාත ඇතුළත මෝටර් වාහන මඟින් මාර්ග ඹස්සේ මඟීන් ගෙන යෑමේ සේවා සහ භාණ්ඩ ගෙන යෑම විධිමත් නීරීම හා පළාත් අතර මාර්ග ඔස්සේ ප්‍රවාහන සේවා සැළසීම යන කරුණු පෙර දැරිව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය හා ප්‍රවාහන අමාත්‍ය දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව එවකට උතුරු මැද පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එම්.කේ.බී.දිසානායක මැතිතුමාගේ අධීක්ෂණය යටතේ  පැවති උතුරු මැද පළාත් මගී බස් කටයුතු මෙහෙය වීමේ සමුපකාර සමිතියේ කාර්යාලීය සේවකයන් 07 දෙනෙකු හා බස් නැවතුම්පළ සේවකයින් 42 දෙනෙකු යටතේ පළාතේ පෞද්ගලික බස්රථ නියාමනය හා ශ්‍රී ලංගම බස්රථ සඳහා ධාවන කාල සටහන් සකස් කිරමේ කටයුතු සිදු කර ඇත.

ඉන් අනතුරුව 1994 අංක 08 දරණ මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය පිහිටු වීමේ ප්‍රඥාප්තිය ප්‍රකාරව උතුරු මැද පළාත් සභාව විසින් සම්මත කර ගන්නා ලද නියෝග මත මෙම ආයතන ස්ථාපිත කර ඇත.

“උතුරු මැද පළාත ඇතුළත බස්රථ මගින් මගීන් ප්‍රවාහනය” කිරිමේ කාර්යය විධිමත් කරනු වස් 2000 වර්ෂයේ ජනවාරි මස පළවන දින ස්වාධීන ආයතනයක් ලෙස උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරීය ස්ථාපිත කර ඇත.

ඉන් පසුව උකුරු මැද පළාත් මගී බස් කටයුතු මෙහෙයවිමේ සමූපකාර සමිතියෙන් අනුයුක්ත කරන ලද සේවකයින් 49 දෙනෙකුගෙන් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙන් බස් රථ නියාමන කටයුතු සිදුකරනු ලදුව එවකට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් සුනිල් තිලකරත්න මහතා විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පරිපාටියකට අනුව සේවා අවශ්‍යතාවය මත සේවකයින් බදවා ගෙන ඇත.1954 අංක 19 අරණ සාප්පු සහ කාර්යාල සේවක පනත Shop & office employees (Regulation of employment & remuneration) ACT NO 19 OF 1954 යටතේ රැකියාව හා වැටුප් විධිමත් කිරීම් කර ඇති අතර,ඊට අදාළ පත්වීම් ලිපි/ වැටුප්/නිවාඩු හා විනය ක්‍රියාමාර්ග සිදු කර ඇත.

2000 වර්ෂයේ පටන් 2018 ජූලී 07 වන දින දක්වා අනුරාධපුර දිස්ත්‍රීක් ලේකම් කාර්යාල‍යේ අඩු පහසුකම් සහිත භූමි පරිශ්‍රයක සේවකයින් 125 දෙනෙකුගෙන් සමන්විතව මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය පවත්වාගෙන යන ලදි.

පසුව හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමාගේ මග පෙන්වීම යටතේ එවකට ප්‍රවාහන විෂය භාර අමාත්‍ය ගරු එස්.එම්.රංජිත් සමරකෝන් මැතිතුමාගේ ඉල්ලීමකට අනුව,සමූපකාර මණ්ඩලයට අයත් විද්‍යාල මාවතේ පිහිටි මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට පවරන ලද භූමි පරිශ්‍රයක රු ලක්ෂ එකසිය හැට නමයක(රු 16,900,000.00) ක අමාත්‍යංශ ප්‍රතිපාදන මුදල් යටතේ මාර්ගස්ථ ප්‍රවායන සේවා අධිකාරියේ නව දෙමහල් ගොඩනැගිල්ල 2018/07/07 වන දින හිටපු ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදි.

මගී ජනතාවට කඩිනම් හා ආරක්ෂිත  පවාහන සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරිව 2014 ජනවාරි මස 31 වන දින 2013 අංක 03 දරණ උතුරු මැද පලාත් සභාවේ 1994 අංතක 08 දරණ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පිහිටු වීමේ සංශෝධන හා අංත 1121/21ග2000 මාර්තු මස 03 වනදින 2003 අංත 06 දරණ මාර්ගස්ථ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ප්‍රඥප්තිය පරිච්චින්න කොට මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ ප්‍රඥප්තියට ඒකාබද්ධ කිරිමේ ප්‍රඥප්තියයට සකස් කර ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර තුමා විසින් සම්මත කර ඇත.

වර්තමානයේ ක්‍රියාත්මක වන මාර්ගසථ ප්‍රවාහන සේවා අධිකාරිය උතුරු මැද පළාත් ප්‍රවාහන,ක්‍රීඩා හා යෞවන කටයුතු,සමූපකාර,වෙළඳ හා ආහාර සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතනයක් වේ.