සුවහස් සුපසන් මගී දනන්
රියදුරු කොන්දොස්තර මහතුන්
සුරකිමු නිතියෙන් සුහද සිතින්
මේ ඔබගේ මිතුරෝ
මාර්ගස්ථ මගී ප්‍රවාහනේ
උතුරු මැද ම සුරකින සුරුවෝ……..


රන්වැලි සෑ සෙවනෙහි නිවෙනා
රජරට අභිමන ඔබ නගනා
යුතුකම් පෙරටම හුරු කෙරුවෝ
අපි ඔබගේ මිතුරෝ
මාර්ගස්ථ මගී ප්‍රවාහනේ
උතුරු මැද ම සුරකින සුරුවෝ…….

මගතොට යන එන මගී දනා
සේවයේ නියැලෙන සියලු දෙනා
සුරකින දයාළු නිළ දරුවෝ
අපි ඔබගේ මිතුරෝ
මාර්ගස්ථ මගී ප්‍රවාහනේ
උතුරු මැද ම සුරකින සුරුවෝ…….///