ප්‍රධාන කාර්යයන්

  • පළාත ඇතුළත බස්රථ ධාවනයට අවශ්‍ය බලපත්‍ර ලබා දීම හා බස්රථ ධාවනය කරවීම හා බස් රථ නියාමනය කිරීම.
  • පළාත් බස්රථ ධාවන‍යට අදාළ කාලසටහන් සැකසීම,ක්‍රියාත්මක කිරීම හා සපයනු ලබන සේවාවන් සඳහා ගාස්තු අය කිරීම.
  • බස් නැවතුම්පළවල් ඉදිකිරීම,නඩත්තු කිරීම,පාලනය කිරීම හා අදාල පොදු පහසුකම් සැළසීමහා මගී ආවරණ ඉදි කිරීම.
  • ප්‍රවාහන අවශ්‍යතා සමීක්ෂණය කිරීම හා ඒ අනුව බස්රථ ධාවනයට එක් කිරීම, හා විශේෂ බස් රථ සේවාවන් ක්‍රියාත්මක කිරීම(සිසු සැරිය,ගැමි සැරිය,නිසි සැරිය)
  • බස්රථ වල සේවයට අවශ්‍ය කොන්දොස්තරවරුන්/රියදුරන් ලියාපදිංචි කිරීම හා පුහුණු කිරීම.
  • ධාවනය වන බස් රථ සඳහා බස් රථ ධාවනයට අවශ්‍යපිවිසුම් පත්‍ර,ලොග් පත්‍ර,මඟී ආවරණ පත්‍ර නිකුත් කිරීම.
  • බස් රථ ධාවනයේදී ඇති වන්නාවූ ගැටලු හා අක්‍රමිකතා සොයා බලා ඊට පිළියම් යෙදීම.
  • බස් රථ ධාවනයට අදාළ නෛතික රාමුව ක්‍රියාත්මක කිරීම.(චක්‍රලේඛණ,අණපනත්,ප්‍රවාහන ප්‍රතිපත්ති)
  • ප්‍රවාහන ක්ෂ්‍රේත්‍රයට අදාළ නවීන තාක්ෂණය හදුන්වා දීම.
  • සිසු සැරිය හා පාසල් ප්‍රවාහන සේවය විධිමත් කිරීම හා සුරක්ෂිත කිරීම.
  • දිවයිනේ අනෙකුත් ප්‍රවාහන සේවා ආයතන සම්බන්ධිකරණය.
  • ආදායම් උත්පාදනය හා අන්‍යාකාරයෙන් වූ ත්‍යාග,ප්‍රධාන,සහනාධාර,ලැබීම් ආදීය පිළිගැනීම හා ඒවා අධිකාරියේ අරමුණු සදහා යොදවා ගැනීම.

ඉහත ප්‍රඥප්ති පාදක කර ගනිමින් මගී ප්‍රවාහනයෙන් ඔබ්බට ගොස් භාණ්ඩ ප්‍රවාහන රථ,පාසල් ප්‍රවාහන රථ,කාර්යාල ප්‍රවාහන රථ, හා ත්‍රීරෝද රථ යන සෑම අංශයක්ම ඒකරාශී කර ගනීමින්, මගී අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රඹල් පරාසයක් දක්වා විකාශනය කරමින් යනු ලබයි.මේ වන විට 2012.11.12 දින DMS/D2/98/25/02 ලිපිය මඟින් කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ තනතුරු අනුමත කර ඇත.ඒ අනුව පහත සඳහන් පරිදි මෙම ආයතනයේ තනතුරු 15 ක් අනුමත වන අතර,121 ක් අනුමතව ඇත.